රුක්ෂාන්ගේ යෝගා අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු!

 සම්බන්ධතා-
නම- චානක රුක්ෂාන් - යෝගා උපදේශක
දුරකථන- 0775-173612 / 0715-493005
වි.ලිපිනය- rukshan.yoga@yahoo.com 
ඇතුල්වෙන්න/Enter
Showing posts with label හැදින්වීම්. Show all posts
Showing posts with label හැදින්වීම්. Show all posts

Friday, May 7, 2010

යෝගා යනු....

මෙම කලාව යෝග සහ යෝගා ආදී නම් වලින් හදුන්වයි කය මනස හා අධ්‍යාත්මය යන ත්‍රිත්වය ඒකාබද්ධ වීම යෝගා ලෙස හදුන්වයි.එසේ නැතහොත් ආත්මය පරමාර්ථය සමඟ සම්බන්ධ වීම යෝග යන වචනයෙන් ධ්‍යවනිත වේ මනෝ විද්‍යාව නිසිලෙස නිර්වචනය කිරීමට නොහැකි සේම යෝගා කලාවද නිසිලෙස නිර්වඩනය කිරීම අපහසුය අරුත් රාශීයක් ඇති කෙටියෙන්ම කියනවානම් යෝගා යනු කලාවක් යැයි අර්ථ දක්වමු.....

යෝගා කලාව බිහිවන්නට හේතු සාධකය වුයේ අතීතයේ ඉන්දියානු ජනතාව තම කායික හා මානසික සුවතාව වර්ධනය කරගැනීම උදෙසා භාවිතා කළ අභ්‍යාස පද්දතිය හේතුවෙනි.බුදුරජාණන් වහසේ ඉපදීමටත් පෙර සිට මෙම කලාව ඉන්දිය ජනයා අතර ප්‍රචලිත වී තිබූ බව විද්වතුන්ගේ අදහසයි හිමාලයානු වනාන්තර  ආශ්‍රිතව යම් යම් වෘත රකිමින් සිටි සෘෂිවරුන් මෙම යෝගා කලා සම්ප්‍රධාය හදුන්වා දුන් බව සිතිය හැක...දැනට මෙම කලා සම්ප්‍රදාය සිඝ්‍රයේන ලොව පුරා ජනතාව අතර ව්‍යාප්ත වෙමින් පවතී ශ්‍රී ලංකාවේද යෝගා කලාව තරමක් දුරට ව්‍යාප්ත වෙමින් පවතී.