රුක්ෂාන්ගේ යෝගා අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු!

 සම්බන්ධතා-
නම- චානක රුක්ෂාන් - යෝගා උපදේශක
දුරකථන- 0775-173612 / 0715-493005
වි.ලිපිනය- rukshan.yoga@yahoo.com 
ඇතුල්වෙන්න/Enter

Sunday, May 9, 2010

වැදගත්කම.....

යෝග අභ්‍යාස වැදගත් වන්නේ කුමක් සඳහාද? අද සමාජයේ බොහෝ දෙනෙකු  අසීමිතව කාර්ය භහුල තත්තවකට පත්වී ඇත එමෙන්ම ඒ සමඟම ඇතිවන මානසික ආතතීන් හා පීඩනයන් ‍හේතුවෙන් නොයෙකුත් මනෝකායික ව්‍යාදීන්ට නතුවීමට හේතුවී ඇත උදාහරණ ලෙස රුධිර පීඩනය , හෘදයාබාධ,ජඨරදාහය, දියවැඩියාව, අධික තරබාරුකම,උදරය ඉදිරියට නෙරා ඒම, අලස බව,නින්ද නොයාම, මානසික ආතතිය  වැනි විවිධ රෝගාබාධ සහ මානසික හා කායික ව්‍යාකූල තත්වයන්ගෙන් පෙළෙමින් සිටියි මෙම තත්වය තුල යෝගා වැනි අභ්‍යාස කිරීමෙන් කෙටි කලක් තුලදී එම තත්වයන්ගෙන් මිදීමට හැකියාව ඇත ඉහත සඳහන් ව්‍යාකූල තත්වයන්ට යෝගා කදිම පිළීතුරක් බව බටහිර රටවල කරනලද පර්යේක්ෂණ මඟින්ද සනාත වී ඇත.එම නිසාම බටහිර රටවල යෝගා කලාව ඉතාම ජනප්‍රිය කලාවක් බවට පත්වී ඇත සමහර බටහිර ජාතිකයන් ආසියාතික රටවලට සංචාරය සඳහා පැමිනීමටද මෙම කලාව හේතු වී ඇත...

බොහෝ තරුණ තරුණියන් තම ශරීරයේ හැඩය ගැන සැලකිලිමත් වෙති ‍ඒ අතුරින් බොහෝ කාන්තවන් සිහින් හැඩකැර සිරුරක් පවත්වා ගෙන යාමට රුචිකත්වයක් දක්වයි එවැනි පුද්ගලයින්ටද යෝගා කලාව ඉතාම සුදුසු වේ.නොයෙකුත් පුමිතියෙන් තොර ව්‍යායාම් උපකරණ හා කෘතීම ‍ඖෂධ භාවිතා කිරීම නිසා එම රෝගාබාධ තාවකාලිකව පමණක් යටපත් වන අතර දිර්ග කාලීනව එය අපගේ ශරීරයට ඉතාමත් අහිතකර ලෙස බලපායි එබැවින් යෝගා කලාව ඉතා පහසුවෙන් කලහැකි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ව්‍යායාම් වලින් සමන්විත කලාවකි.යෝගා කලාව  දෛනික ජීවිතයේ පීඩා කාරී ත්තවයන්ගෙන් මිදීමට කදිම සාධකයකි...


3 comments:

Teena said...

මමත් යෝගා ව්‍යායාම වලට උනන්දුව දක්වන අතරම මූලික ආසන කිහිපයක නිරත වෙනවා. ඒත් ඒ පිළිබඳ මනා දැනුමකින් නම් නෙවෙයි. මම ව්‍යායාම වල නිරත වෙන ආකාරය හරිද වැරදිද කියලවත් මම දන්නේ නැහැ. යෝගා ව්‍යායාම ගැන මුල සිට අගටම දැන ගන්න මම කැමතියි. යෝගා ව්‍යායාම ගැන වැඩි විස්තර හොයමින් ඉන්න අතර තමයි මෙම අඩවියට ගොඩ වැදුනේ. ඔබ අරන් තියෙන උත්සහය නම් අගේ කරන්න වටිනව. ඉදිරියට තවත් විස්තරාත්මක ලිපි පළවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

ප.ලි - ඔබේ වෙබ් අඩවිය සිංහල බ්ලොග් කියවනය ට එකතු කරන්න හැකි උනොත් මේ විෂය කෙරෙහි උනන්දු අනිත් අයටත් ඒ ගැන දැන ගන්න ලේසි වෙයි කියලා මම හිතනවා.( යෝජනාවක් පමණි)

Sri Lanka Yoga said...

ස්තුතියි මිතුර, ඔබගේ යෝජනාව අනුව බ්ලොග් කියනවයට අයදුම් කළෙමි එසේම ඉදිරියේදී අප සමඟ සම්බන්ඳ වී කටයුතු කරන්නේ නම් යෝගා පිළිබද මනා දැනුමක් ඔබට ලබා ගත හැකි වනු ඇත ඔබගේ ගැටලු සහ යෝජනා නොපැකිළීව අපවෙත යොමු කරන මෙන්ද ඉල්ලා සිටිමි ඕනෑම අවස්ථාවක මාගේ දුරකථනය හා සම්බන්ද වෙමින් උපදෙස් ලබා ගැනීමද කල හැක

Teena said...

ස්තූතියි!