රුක්ෂාන්ගේ යෝගා අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු!

 සම්බන්ධතා-
නම- චානක රුක්ෂාන් - යෝගා උපදේශක
දුරකථන- 0775-173612 / 0715-493005
වි.ලිපිනය- rukshan.yoga@yahoo.com 
ඇතුල්වෙන්න/Enter

Friday, July 9, 2010

සබ්බේ තසන්ති දණ්ඩස්ස.......

පහුගිය පොසොන් පෝය දවසෙ අපි පිං අතේ වැඩක් කරගත්තා මාතර පරෙයිදූව උපෝසථ විහාරස්ථානය අභීයසදි මරණයට කැපවුණ ගවයන් කිහිපදෙනෙක් නිදහස් කරන්න අපිට හැකි වුණා. ඉතින් මේ සත්කාරය සඳහා මමත් සෙත්සද යෝගා නිකේතනයේ මාතර ශාඛාවේ සිසුන් සියලු දෙනාමත් එකවගේ සහයෝගය දැක්වූව.මාතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපට දීපු සහයත් අමතක කරන්න බෑ මේ අවස්ථාවෙදි ඒ හැමොටම ස්තුතිවන්ත වෙනව... ගරු චන්ද්‍රසිරි ගජධීර මංත්‍රී තුමත් මේ අවස්ථාවට සහභාගි වුණේ විශේෂ ආරාධිත අමුත්තෙක් විදියට.. ගරුතර ස්වාමීන් වහසන්සේලාගේද ආශිර්වාදය මැද ඇසට කඳුලක් එක්කල මේ මොහොත ජීවිතයේ කවදාවත්ම අමතක වෙන එකක් නම් නෑ....
සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භයන්ති මච්චුනෝ - අත්තානං උපමංකත්වා නහාන්‍යෙය නසාතයේ.


චානක රුක්ෂාන්
ප්‍රධාන යෝගා උපදේශක,
සෙත්සද යෝගා නිකේතනය,
මාතර ශාඛාව.