රුක්ෂාන්ගේ යෝගා අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු!

 සම්බන්ධතා-
නම- චානක රුක්ෂාන් - යෝගා උපදේශක
දුරකථන- 0775-173612 / 0715-493005
වි.ලිපිනය- rukshan.yoga@yahoo.com 
ඇතුල්වෙන්න/Enter

Sunday, June 13, 2010

භාවනා යෝගී සංගීතය

යෝගා ව්‍යායාම් වලට අමතරව සංගීතය තුලින්ද මනස සැහැල්ලු කරගැනීමට හැකියාවක් ඇති බව ඔබ අප සැවොම දනිමු භාවනා යෝගීව සිටින අවස්ථාවලදී අපූරු සංගීතයකට සවන් දෙමින් සිත-මනස සැහැල්ලු කර ගන්නවා සේම තම මනස දැඩි ලෙස වෙහෙසට පත්වී ඇති විටදී,මානසිත ආතතියකින් පෙලෙන මොහොතකදී විශේෂ සංගීතයකට සවන් දීම තුලින් මානසික වශයෙන් සහනයක් ලබා ගත හැක.යම් ව්‍යායාම් කරන අතර තුරදී තම මනස වෙනත් දෙයක් වෙත යෝමු වීම වලක්වා ගනු පිණිසද සංගීතය යොදා ගත හැකිය එවැනි අවස්ථා වලදී භාවිතා කළහැකි ආකාරයේ සාශ්ත්‍රීය සංගීත ඛණ්ඩ කිහිපයක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. පහත ඇති සබැඳියෙන් එම සංගීත ඛණ්ඩයන් ලබාගත හැක.

Friday, June 4, 2010

යෝගා පංති..

ප්‍රවීණ යෝගා උපදේශක රුක්ෂාන් මහතා විසින් මෙහෙය වන යෝගා පංන්ති සඳහා ඔබටත් සහභාගි විය හැක.තම ශරීරය හා මනස ගැන වඩාත් සැලකිලිමත් වන කාර්යය බහුල පුද්ගලයින් සඳහා විශේෂයෙන් සකස් කරන ලද සවස් වරු පංති සහ ඔබගේ අවශ්‍යතාය අනුව වෙනස් කරගත හැකි නම්‍යශීලී කාලසටහන් ....දැනට  දකුණු පලාතේ ගාල්ල,මාතර යන ප්‍රදේශ වලදී පැවැත්වේ. ඉදිරියේදී ඉල්ලුම අනුව මෙම වැඩසටහන් ව්‍යාප්ත කිරිමටද කටයුතු යොදනු ලැබේ.

යෝගා පාඨමාලාවන් පහත සදහන් ස්ථාන වලදී පැවැත්වේ.


ස්ථානය
දිනය
වෙලාව
කෝ-ඔපරේටිව් සෙන්ටර්-ගාල්ල
සැම ඉරිදාවකම
සවස 3 ට
වයි.එම්.බී.ඒ ගොඩනැලිල්ල-මාතර
සැම අඟහරුවාදාවකම
සවස 5-30 ට
පරෙයි දූව උපෝසථාගාර ශාලාව-මාතර
සෑම බ්‍රහස්පතින්දාවකම
සවස 5-00

Tuesday, June 1, 2010

රූපසොභාවට හා නීරෝගී සුවයට.....(1 වෙළුම)


පහත සඳහන් ආසන ක්‍රම  රූප ස්වභාවය වැඩි කර ගැනීමටත් නීරෝගී සුවය වර්ධනකරගැනීමටත් ඉවහල් වේ.යෝගා කලාවේ එන ප්‍රධාන හා වැදගත් වූ ආසන ක්‍රම කිහිපක් පහත දක්වා ඇත ඒ සඳහා පෙනී සිටින්නේ අප යෝගා පුහුණු මධ්‍යස්ථානයන්හී පුහුණුවන සිසුන් සහ යෝගා උපදේශක රුක්ෂාන් මහතාය.