රුක්ෂාන්ගේ යෝගා අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු!

 සම්බන්ධතා-
නම- චානක රුක්ෂාන් - යෝගා උපදේශක
දුරකථන- 0775-173612 / 0715-493005
වි.ලිපිනය- rukshan.yoga@yahoo.com 
ඇතුල්වෙන්න/Enter

Sunday, May 9, 2010

වැදගත්කම.....

යෝග අභ්‍යාස වැදගත් වන්නේ කුමක් සඳහාද? අද සමාජයේ බොහෝ දෙනෙකු  අසීමිතව කාර්ය භහුල තත්තවකට පත්වී ඇත එමෙන්ම ඒ සමඟම ඇතිවන මානසික ආතතීන් හා පීඩනයන් ‍හේතුවෙන් නොයෙකුත් මනෝකායික ව්‍යාදීන්ට නතුවීමට හේතුවී ඇත උදාහරණ ලෙස රුධිර පීඩනය , හෘදයාබාධ,ජඨරදාහය, දියවැඩියාව, අධික තරබාරුකම,උදරය ඉදිරියට නෙරා ඒම, අලස බව,නින්ද නොයාම, මානසික ආතතිය  වැනි විවිධ රෝගාබාධ සහ මානසික හා කායික ව්‍යාකූල තත්වයන්ගෙන් පෙළෙමින් සිටියි මෙම තත්වය තුල යෝගා වැනි අභ්‍යාස කිරීමෙන් කෙටි කලක් තුලදී එම තත්වයන්ගෙන් මිදීමට හැකියාව ඇත ඉහත සඳහන් ව්‍යාකූල තත්වයන්ට යෝගා කදිම පිළීතුරක් බව බටහිර රටවල කරනලද පර්යේක්ෂණ මඟින්ද සනාත වී ඇත.එම නිසාම බටහිර රටවල යෝගා කලාව ඉතාම ජනප්‍රිය කලාවක් බවට පත්වී ඇත සමහර බටහිර ජාතිකයන් ආසියාතික රටවලට සංචාරය සඳහා පැමිනීමටද මෙම කලාව හේතු වී ඇත...

බොහෝ තරුණ තරුණියන් තම ශරීරයේ හැඩය ගැන සැලකිලිමත් වෙති ‍ඒ අතුරින් බොහෝ කාන්තවන් සිහින් හැඩකැර සිරුරක් පවත්වා ගෙන යාමට රුචිකත්වයක් දක්වයි එවැනි පුද්ගලයින්ටද යෝගා කලාව ඉතාම සුදුසු වේ.නොයෙකුත් පුමිතියෙන් තොර ව්‍යායාම් උපකරණ හා කෘතීම ‍ඖෂධ භාවිතා කිරීම නිසා එම රෝගාබාධ තාවකාලිකව පමණක් යටපත් වන අතර දිර්ග කාලීනව එය අපගේ ශරීරයට ඉතාමත් අහිතකර ලෙස බලපායි එබැවින් යෝගා කලාව ඉතා පහසුවෙන් කලහැකි සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ව්‍යායාම් වලින් සමන්විත කලාවකි.යෝගා කලාව  දෛනික ජීවිතයේ පීඩා කාරී ත්තවයන්ගෙන් මිදීමට කදිම සාධකයකි...


යෝගා ක්‍රම....

බොහෝ කලක් තිස්සේ යෝග ක්‍රම ඉන්දියාව තුල රහසිගත හා ගුප්ත විද්‍යාවක් ලෙස පැවතුණි එසේ කාලයක් ගතවන විට එම කලාව නැත්නම් විද්‍යාව සාමාන්‍ය ජවයා අතරට ගෙන ඒම සඳහා මූලික වූයේ පාතාංජලී නම් සෘසිවරයන් වහන්සේය උන් වහන්සේ විසින් රචිත යෝග සූත්‍ර නම් පුස්තකය ඊට ඉවහල් විය යෝග කම වේදයන් බෙහෝ ප්‍රමාණයක් ඇත ඒවා අතුරින් ඉතා ජනප්‍රිය ක්‍රම වේදයන් වන්නේ...

Friday, May 7, 2010

යෝගා යනු....

මෙම කලාව යෝග සහ යෝගා ආදී නම් වලින් හදුන්වයි කය මනස හා අධ්‍යාත්මය යන ත්‍රිත්වය ඒකාබද්ධ වීම යෝගා ලෙස හදුන්වයි.එසේ නැතහොත් ආත්මය පරමාර්ථය සමඟ සම්බන්ධ වීම යෝග යන වචනයෙන් ධ්‍යවනිත වේ මනෝ විද්‍යාව නිසිලෙස නිර්වචනය කිරීමට නොහැකි සේම යෝගා කලාවද නිසිලෙස නිර්වඩනය කිරීම අපහසුය අරුත් රාශීයක් ඇති කෙටියෙන්ම කියනවානම් යෝගා යනු කලාවක් යැයි අර්ථ දක්වමු.....

යෝගා කලාව බිහිවන්නට හේතු සාධකය වුයේ අතීතයේ ඉන්දියානු ජනතාව තම කායික හා මානසික සුවතාව වර්ධනය කරගැනීම උදෙසා භාවිතා කළ අභ්‍යාස පද්දතිය හේතුවෙනි.බුදුරජාණන් වහසේ ඉපදීමටත් පෙර සිට මෙම කලාව ඉන්දිය ජනයා අතර ප්‍රචලිත වී තිබූ බව විද්වතුන්ගේ අදහසයි හිමාලයානු වනාන්තර  ආශ්‍රිතව යම් යම් වෘත රකිමින් සිටි සෘෂිවරුන් මෙම යෝගා කලා සම්ප්‍රධාය හදුන්වා දුන් බව සිතිය හැක...දැනට මෙම කලා සම්ප්‍රදාය සිඝ්‍රයේන ලොව පුරා ජනතාව අතර ව්‍යාප්ත වෙමින් පවතී ශ්‍රී ලංකාවේද යෝගා කලාව තරමක් දුරට ව්‍යාප්ත වෙමින් පවතී.